Clean Sri Lanka වැඩසටහන-2025

2025 නව වසර ආරම්භයේ කොටපොල ප්රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්රමුඛ සියලු නිලධාරි සහ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් යුතුව ආගමානුකූල චාරිත්ර ඉටු කරන ලද අතර, Clean Sri Lanka වැඩසටහන ක්රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය හා සම්බන්ධව නව වසරේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.
කොටපොල බල ප්රදේශයේ සියලු ප්රජාවට සමානව, නොපමාව අවශ්ය මහජන සේවා සැපයීමට අප කටයුතු කරන්නෙමු
 
සුභ නව වසරක් වේවා!
Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!

අංග සම්පූර්ණ නේවාසික සපහසුකම්

දෙනියායට නිවාඩුවක් ගතකරන්නට පැමිණෙන ඔබට නැරඹුම් ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකි වන පරිදි අංග සම්පූර්ණ නේවාසික සපහසුකම් සහිත කාමර කොටපොල ප්රාදේශීය සභාව සතු වේ.
ඔබට ලැබෙන පහසුකම්
• සියලු සැපපහසුම් සහිත කාමර
• උපකරණ සහිත මුළුතැන්ගෙය
• රථවාහන නැවැත්වීමේ පහසුකම්
• පැය 24 පුරාවට ආරක්ෂිත පහසුකම්
• ළමා උද්යාන
• නැරඹුම් ස්ථාන සඳහා පහසුවෙන් ලඟාවිය හැකිවීම
ඔබට නැඹීමට හැකිවන ස්ථාන
• සිංහරාජ වනාන්තරය 14KM
• ෆැට්නා බුරුස්ගල 14KM
• කුරුළුගල 12KM
• ගොන්ගල කන්ද 22KM
• සත්මාලෙ ඇල්ල 09KM
• ගැටබරුව රජමහා විහාරය 10KM
• කොළවෙනිගම රජමහා විහාරය 09KM
• සමන්ගල 14KM
• ලංකාගම බ්රාහ්මණ ඇල්ල 19KM
• මෙදේරිපිටිය කුඩගල වල 11KM
ගාස්තු හා අයකිරීම්
 ඒක් දිනකට ඒක් අයෙකු සඳහා – රු: 2000.00කි
 ඒක් දිනකට ඒක් පවුලක් සඳහා – රු: 4000.00 කි
(වැඩිහිටි දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු සඳහා)
(ඉහත අයකිරීම් වලට අමතරව ඒක් කාමරයක් සඳහා වැඩි වන වැඩිහිටි ඒක් අයෙකු සඳහා රු: 1000.00 මුදලක් අයකරන අතර වැඩිවන ඒක් ළමයෙකු සඳහා රු: 500.00 ක මුදලක් අයකෙරේ.)
වැඩි විස්තර සහ වෙන්කිරීම් සදහා පහත සඳහන් දුරකතන අංකය අමතන්න.
* 041 2273275
* 070 2631875 (Whtasapp)
Email : kotapolaps@gmail.com