කොටපොල ප්‍රාදේශීය සභාව

2024 වර්ෂය සඳහා ප්‍රචාරක දැන්වීම් බලපත්‍ර ගාස්තු පැනවීම

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය සහ එකී පනතේ 147 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල අනුව, කොටපොල ප්‍රාදේශීය සභා පනතේ හෝ ඒ යටතේ සාදන ලද 1988.08.23 දින 520/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සම්මත අතුරු ව්‍යවස්ථාව 2007.11.30 වැනි දින සභාව විසින් පිළිගෙන ඇති අතර, එම අතුරු ව්‍යවස්ථාවල 39 වැනි ඡේදය යටතේ
  • කොටපොල ප්‍රාදේශීය සභා සීමාව තුළ කිසියම් තැනැත්තෙක් විසින් යම් වීදියකට, පාරකට, ඇළකට, දොළකට, වැවකට හෝ අහසට පෙනෙන පරිදි ප්‍රචාරක දැන්වීම් ඉදිකිරීම හා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් යම් ප්‍රචාරක දැන්වීමක් සඳහා(මෙහි උප ලේඛනයේ 1 වන තීරුවේ නිරූපිත) බලපත්‍ර ගාස්තුවක් (2 වන තීරුවේ නිරූපිත සීමාවක් තුළ වනවිට අනුරූප සටහනේ අනුප්‍රමාණ අනුව) 2024 වර්ෂය සඳහා ගෙවිය යුතුය.
  • තවද තාවකාලිකව යොදනු ලබන දැන්වීම් ප්‍රාදේශීය සභාවට ගෙනවිත් මුද්‍රා තබාගත යුතුය.
අනු අංකය 01 වන තීරුව 02 වන තීරුව
01. ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම් පුවරු සඳහා රු.100.00
02. ප්‍රදර්ශනය කරනු ලබන බැනර් එකක් හා කටවුට් එකක් සඳහා රු.75.00
03. බිත්තිවල පින්තාරු කරන ලද දැන්වීම් සඳහා රු.100.00
04. ඩිජිටල් හෝ එල්.ඊ.ඩී. බල්බ් වලින් ක්‍රියාකරන දැන්වීම් පුවරු සඳහා එක් වෙළඳ දැන්වීමකට දිනකට රු.20.00

මහඡන අවධානය සදහා ප්‍රචාරක දැන්වීම් පළ කිරීමට අවසර ලබා දීම

  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත හා පෙදු සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව ප්‍රාදේශීය සභා සීමාව තුළ එළිමහන් ස්ථානයක මහඡනයාට දැක ගැනීම සදහා සවි කරනු ලබන ඕනෑම ප්‍රචාරක දැන්වීමක් සදහා අවසර ලබා ගත යුතුය.
  • ඕනෑම වචනයක්, ලිපියක්, ඉලක්කමක්, සංඥාවක්, ස්ථානයක්, පුවරුවක්, දැන්වීමක්, උපකරණයක්, පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් යන ඒවායින් ඹ්නෑම එකක් ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම හෝ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රචාරණය අරමුණු කොටගෙන ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක්, ව්‍යුහයකට ඉහළින් හෝ එල්ලා තැබීම දැන්වීම් ප්‍රචාරණයයි.
  • ප්‍රචාරක දැන්වීමේ ස්වභාවය අනුව බලපත ගාස්තුව තීරණය කරනු ලබන අතර, සභාව විසින් කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව එම තීරණය ගනු ලබයි

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • විශාල එළිමහන් ප්‍රචාරණ පුවරු සම්බන්ධයෙන් වනවිට එම දැන්වීම් ස්ථාපිත කරනු ලබන ස්ථානයේ 1 : 1000 ට නොඅඩු පරිමාණයකට අදින ලද සැලැස්මක්
  • පරිමාණය කුඩා කොට අදින ලද ප්‍රචාරක දැන්වීම් පිටපතක්

අයදුම් කිරීමේ පටිපාටිය

  • බලපත්‍රය අයදුම් කරමින් ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
    ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට දින 7 කට පෙර ඉදිරිපත් කළ යුතුය.
  • ස්ථිර දැන්වීමක් සදහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව දැන්වීමේ වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තුව තීරණය කරනු ලැබේ.
  • අයදුම්පත්‍ර හා අවසරපත්‍ර ගාස්තුව අයකර ගැනීමෙන් අනතුරුව අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.

එහි දී පහත සදහන් පරිදි ක්‍රියා කළ යුතු වේ.

  • සියලුම ප්‍රචාරක දැන්වීම් පුවරුවල බලපත්‍ර අංකය හා බලපත්‍රය නිකුත් කළ දිනය සහිත විය යුතුය.
  • අවසරපත්‍ර හිමියාගේ නම හා ලිපිනය ප්‍රචාරක දැන්වීමේ පැහැදිලිව සටහන් විය යුතුය.

බැනරයක් සම්බන්ධව වන විට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මුද්‍රාව බැනරයේ තිබිය යුතුය. රියදුරන්ගේ අවධානයට බාධා නොවන ස්ථානයක ප්‍රචාරක දැන්වීම ස්ථානගත කළ යුතු අතර, එය ඇසට හානිකර නොවන අයුරින් නොවිය යුතුය.