
කොටපොල ප්‍රාදේශීය සභාව
වරිපනම් බදු අය කිරීමේ ක්‍රියා පිළිවෙත
නියමිත එක් කටයුත්තක් සඳහා නිසි ලෙස සම්පූර්ණ කරන ලද තනි පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පතක් බැගින්, පහත දක්වා ඇති ලිපිලේඛන වල පිටපත් සමග අදාළ ආයතන වෙත ලබා දිය යුතුයි.
තම දේපළ ප්‍රාදේශීය සභා සීමාවේ දියුණු ගම් ප්‍රදේශයක් තුළ පිහිටා ඇති විට, පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුළ නිශ්චල දේපළක හිමිකරුවෙකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුළ පිහිටි නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලී හිමියා වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුළ පිහිටි රජයට අයත් නිවසක,
- ගොඩනැගිල්ලක හෝ ඉඩමක හිමිකරු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුළ පිහිටි නිශ්චල දේපළක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවකු) වීම.මෙහි දී,තම දේපළෙහි වටිනාකමින් 7% ක් වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වේ.
- අදාළ වර්ෂයේ මුල් මාසය තුළ වරිපනම් බදු ගෙවීමේ දී 10% ක වට්ටමක් අයිතිකරු වෙත හිමි වේ.
- කාර්තුවක් සදහා ගෙවිය යුතු මුදල අදාළ කාර්තුවේ පළමුවන මාසය තුළ දී ගෙවනු ලැබුවහොත් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
- එසේ නොමැති නම් අදාළ වර්ෂය තුළ කාර්තු 4 ක් සදහා කාර්තුවෙන් කාර්තුවට වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත.
- වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සදහා නව වරිපනම් අංකයක් ලබාගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
- දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපළ පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුළත් කරගත යුතුය.
- වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාළ ඔප්පු සාරාංශ පෝරමය ගාස්තු ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
- එම ඔප්පු සාරාංශ පෝරමය, තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතු වේ.
- එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැලැස්මේ පිටපත් 2 ක් හා ඔප්පුවේ පිටපත් 2 ක් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කළයුතු වේ.
- එව්ට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.