කොටපොල ප්‍රාදේශීය සභාව මඟින් වෙළඳ බලපත්‍ර ලබා දීම
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය සහ එකී පනතේ 147 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල අනුව, කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් කර්මාන්තයක් (මෙහි උපලේඛනයේ I වන තීරයේ නිරූපිත ) 2024 වර්ෂයේ දී කරගෙන යාම සඳහා වෙළඳ බලපත්‍රයක් නිකුත් කරනු ලබයි. එම කර්මාන්තය කරගෙන යනු ලබන පරිශ්‍රයේ වාර්ෂික වටිනාකම (මෙහි උපලේඛනයේ II වන තීරයේ නිරූපිත යම් සීමාවන් ඇතුළත් වන අවස්ථාවක අනුරූප සටහනේ සඳහන් අනුප්‍රමාණ) අනුව වූ බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතු අතර, මීට අමතරව බලපත්‍ර ගාස්තුවෙන් 15% ක මුද්දර ගාස්තුවක් ගෙවිය යුතු වේ.
බලපත්‍ර ගාස්තු
ගාස්තුව
- ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම මත වෙළද බලපත්‍ර ගාස්තුව ලෙස අය කර ගනු ලබයි.
- වෙළද බලපත්‍ර හා කර්මාන්ත බදු අය නොකරන ව්‍යාපාර සදහා ව්‍යාපාර බද්දක් අය කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශීය සභා සීමාව තුළ පිහිටි සියලුම වෙළද ව්‍යාපාරයන් වෙත අයදුම්පතක් ලබා දීම.
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර එකතු කිරීම.
- අයදුම්කරු සපයන ලද තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීම.
- මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය සදහා යොමු කිරීම.
- ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
- අඩුපාඩු නොමැති විට බලපත්‍රය සදහා නිර්දේශ කෙරේ.
- බලපත්‍ර ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.
මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,
- අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සදහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
- එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියලු - සෞඛ්‍යය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සලසනු ලබයි.
වෙළද බලපත්‍රයක් ලබා නොගන්නා විට,
- වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
- දැන්වීම සිදුකොට දින 7 ක් ඇතුළත බලපත්‍ර ලබා නොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.
2024 වර්ෂය සඳහා සංචාරක වෙළඳ බලපත්‍ර ගාස්තු පැනවීම
කොටපොල ප්‍රාදේශීය සභාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මස 28 වන දින, කොටපොල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දී තීරණය කරන ලද තීරණ අංක 2023/08/28/97 යටතේ සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය සහ එකී පනතේ 147 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල අනුව, කොටපොල ප්‍රාදේශීය සභා පනතේ හෝ ඒ යටතේ සාදන ලද 1988.08.23 දින 520/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සම්මත අතුරු ව්‍යවස්ථාව 2007.11.30 වැනි දින සභාව විසින් පිළිගෙන ඇති අතර, එම අතුරු ව්‍යවස්ථාවල 28 යටතේ,
- කොටපොල ප්‍රාදේශීය සභා සීමාව තුළ කිසියම් තැනැත්තෙක් විසින් ආගමික උත්සව සඳහා හෝ වෙනත් යම් ජාතික උත්සවයක් සඳහා හෝ එම උත්සව ප්‍රදේශයේ උත්සව කාලසීමාව තුල වෙළඳ කටයුතු සඳහා භාවිතාකරණ බිම් ප්‍රමාණය මත වෙළඳුන්ට හෝ සංචාරක වෙළඳුන්ට බලපත්‍ර ගාස්තුවක්(උපලේඛණයේ අනුප්‍රමාණ අනුව) 2024 වර්ෂය සඳහා ගෙවිය යුතුය.