kotapola munciple council
සේවය තුලින් ජන හද දිනමු

කොටපොල ප්‍රාදේශීය සභාව

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වන වගන්තියේ (1) වන උප වගන්තිය සහ 4 වන වගනතියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව එවකට පලාත් පාලන නිවාස හා ඉදිකිරීම් ගරු අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 මැයි 12 වන දින 453/12 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කොටපොල ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කරනු ලැබීය.
උතුරට ගාලු දිස්ත්‍රික්ක මායිමත්,දකුණට සබරගමු පළාත් මායිමත්,නැගෙනහිරට දකුණු හා සබරගමු පළාත් මායිමත්,මොරවක්කෝරලේ නැගෙනහිර මායිමේ දෝතළුකන්ද ත්‍රිකෝණමිතික ස්ථානයත් එතැන් සිට දෙනියාය වත්ත පහල හා ඉහල වෙන්වන මායිම දිගේ දෙනියාය අකුරැස්ස පාරේ 50වන සැතපුම් කනඅව හරහා දියදාව කැලය දෙසට නෙල්ලිගාල දොල පටන් ගන්නා ස්ථානය දක්වා එතැන් සිට කන්දබඩ පත්තු මායිම දිගේ ගඟබඩ පත්තු මායිම හමුවන දක්වා ද දකුණට ගඟබඩපත්තු මායාම නිල්වලා ගඟදිගේ යන වැලිගම් කෝරලේ පහළ මායිම හමුවන තැන දක්වා ඉහලට යන වැලිගම කෝරලේ පත්තු මායිම සහ හුලංදා මායිම,බටහිරට හුලංදා ගඟ දිගේ ඉහලට යන වැලිගම් කෝරලේ පත්තු මායිම ගාල්ල මාතර දිස්ත්‍රික්ක මායිම කැපෙන ස්ථානයට දක්වා එතැන් සිට ගාල්ල මාතර දිස්ත්‍රික්ක මායිම් ප්‍රදේශය සීමා වෙමින් කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය එවකට පැවති ග්‍රාමසේවා වසම් 26ක භූමි ප්‍රදේශය තුළ කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටුවන ලදී.
පසුව 2006 අප්‍රේල් මස 16 වන දින එක්ව පැවති ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටපොල
ප්‍රාදේශීය සභාව හා පිටබැද්දර ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ ලෙස වෙන් කරන ලද අතර මිල්ල ඇල පිහිටි ස්ථානය දකුණු මායිම වශයෙන් ගෙන කොටපොල ප්‍රාදේශීය සභා ප්‍රදේශය පිහිටුවන ලදී.වර්තමානය වන විට ග්‍රාම නිළධාරී වසම් 37කින් කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමන්විත වේ.

 

70151 මුළු ජනගහනය
174 භූමි ප්‍රමාණය (වර්ග කිලෝමීටර්)
92 ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය
0 මන්ත්‍රී මණ්ඩලය

පළාත් පාලන ආයතනය

කොටපොල ප්‍රාදේශීය සභාව

තේමා පාඨය

සේවය තුලින් ජන හද දිනමු

අපගේ කැපවීම

මහජන සේවය සදහා නිරතුරු කැපවීම

පළාත් පාලන ආයතනයේ පසුබිම

තේ ආර්ථිකය හා මිශ්‍ර ජනගහනයක් සහිත බල ප්‍රදේශයකි

අපගේ අපේක්ෂාව

නිත්‍යානුකුලව, අවංකව සහ සත්‍ය ලෙස උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවය සැපයීම

අපගේ දැක්ම

ඉසුරුමත් සජීවී පුරවරයක්

අපගේ මෙහෙවර

කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආර්ථික, සංස්කෘතික, බුදිධිමය, සෞඛ්‍යය හා පාරිසරික සංවර්ධනය උදෙසා යහපාලනය තුලින් පොදු මහජන සේවයට කැපවීම අපගේ මෙහෙවරයී

අපගේ ප්‍රමිතීන්

ප්‍රධාන නීතී, අනු නීතී,අතුරු ව්‍යවස්ථා හා චක්‍රලේක, උපදෙස් වලට ගරු කරමින් යහපාලනයෙන් කටයුතු කිරීම

ජයග්ග්‍රහණ

“2020 වර්ෂය සඳහා පවත්වනු ලැබූ ජාතික ඵලදායීතා සම්මාන තරඟාවලියේ විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට කොටපොල ප්‍රාදේශීය සභාව සමත් විය.”