kotapola CSR image banner

පෙර පාසල් චිත්‍ර තරඟාවලිය

පෙර පාසල් චිත්ර තරඟාවලිය – 2024
කොටපොල ප්රාදේශීය සභාව
ලෝක ළමා දිනය හා කියවීම් මාසය නිමිතිකරගෙන කොටපොල ප්රාදේශීය සභාවේ ප්රජා අංශය ඇතුලු සභා නිලධාරීන් හා එක්ව පුස්තකාල පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද පෙර පාසල් චිත්ර තරඟාවලිය ඊයේ (2024.11.27) දින සාර්ථකව සිදු කරන ලදී.
මෙම චිත්ර තරඟය සඳහා සහභාගී වූ සියලු දරු දැරියන්ට ත්යාග සහ සහතිකපත් පිරිනැමූ අතර ඔවුන්ගේ අනාගත අධ්යාපන සාර්ථක වේවා යැයි සුභාසිරි පතමු.
මේ සඳහා තරඟ විනිශ්චය සඳහා පැමිණි දෙනියාය කලාප අධ්යාපන කාර්යාලයේ චිත්ර ගුරු උපදේශක සමීර ජයවර්ධන මහතාට විශේෂ ස්තූතිය පුද කරන අතර,
එම අවස්ථාව වර්ණවත් කිරීමට පැමිණි පෙර පාසල් අචාර්ය මහත්ම මහත්මීන්ට ද ස්තූතිය පල කරන අතර, තරඟාවලිය සාර්ථක කර ගැනීමට සහය දැක් වූ දරු දැරියන්ගේ දෙමව්පියනටද ස්තූතිවන්ත වන අතර ලබන වසරේ ද මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙමු.

උසස් පෙළ ශිෂ්‍ය සම්මන්ත්‍රණය

බෙවර්ලිය විද්යාලයේ උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් පළාත් පාලන ආයතනවල සිදු කරන කාර්යයන්, එහි සේවාවන් පිළිබඳ විශේෂ දේශනය පසුගියදා කොටපොල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේ දි පැවැත්වුනි.
මේ සදහා සම්පත් දායකත්වය ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරිනියක් විසින් සිදුකරන ලදි.
රටේ අනාගත පරපුර දැනුමෙන් පෝෂණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන කොටපොල ප්රාදේශීය සභාවේ ප්රජා අංශය විසින් සංවිධානය කරන ලදී.

ආපදා සහන සේවා වන් හොරගල

ආපදා සහන සේවා

පසුගියදා පැවති අධික වර්ෂාවත් සමග හොරගල බටහිර බොරළුවහේන මාර්ගය නාය යෑමකට ලක්ව ආපදා තත්ත්වයක් ඇති වූ අතර ගම්වාසීන්ගේ දැනුවත් කිරීම මත ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රය මගින් අවහිර වූ මාර්ගයෙහි පස් ඉවත් කොට යථා තත්ත්වයට පත්කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.

මේ වන විට රථවාහන ගමනාගමන කටයුතු සුපුරුදු පරිදි සිදු වන බවද දැනුම් දෙමි.

ලේකම්

කොටපොල ප්‍රාදේශීය සභාව

කෑරැල්ගොඩ මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම

සභා සංවර්ධන පුවත් – කෑරැල්ගොඩ මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි කොටපොල ප්‍රාදේශීය සභාව සතු බැකෝ රථය මගින් මාර්තු මස 12,13 දෙදින පුරා කොළවෙනිගම-ලංකාගම මාර්ගයේ කෑරැල්ගොඩ ට්‍රාන්ස්පෝමරය අසල සිට ලංකාගම දෙසට දිවයන මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම සිදු කරන ලදී.

ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ මහජනතාවගේ ලබා ගන්නා ලද බදු මුදලේ දායකත්වයෙන් සහ ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ වටිනා සේවයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.