කොටපොල
සුන්දර කොටපොල
කොටපොල යනු, ශ්‍රී ලංකාවේ මහා විශ්වකෝෂයකට සමාන වන සෙරුවිල වනාන්තරය අසල, මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. ඓතිහාසික වශයෙන් පාරම්පරික දේවස්ථාන, විහාරස්ථාන සහ අරන්‍යා සංස්කෘතික කලාප වලින් පිරුණු කොටපොල, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සංචාරකයින්ගේ ඇස් අලංකාර කළාසික ස්ථානයකි.
මෙම ප්‍රදේශයේ පිහිටි කන්දකරවල සහ තෙත් කලාපීය වනාන්තර මංසන්ධි පරිසරය, සංචාරකයින්ට මෙන්ම පර්යේෂකයින්ට ද අතිශය ආකර්ෂණීය වේ. විශේෂයෙන් කොටපොලේ නවීකරණයන්ගෙන් තොර ජීවිත රටාව, නිසැකවම පරිසරය හොඳින් සුරැකීමට හා සෞම්‍ය ගෘහ කර්මාන්ත සංවර්ධනයට උපකාරී වේ.
කොටපොල ප්‍රදේශයේ ගංගා ව්‍යාප්තිය, දිය කඳු යාය සහ සොබාදම් රුචිය මෙහි විශේෂත්වයකි. එමෙන්ම කෝටපොල ප්‍රදේශයේ සමාජයත් එක්ව ජීවත්වන ජනතාව ද ශ‍්‍රී ලංකාවේ පාරම්පරික සංස්කෘතියේ සිරුරක් ලෙසින් ඔවුන්ගේ උරුමය රැක ගැනීමට කැපවී සිටිති.

පැට්නා
දෙනියාය විහාරහෙන ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුළු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින්, ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි.
සත්මාල ඇල්ල
ඉතාමත් අලංකාරම සහ සුවිශේෂීම භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නෙ දෙනියාය නගරයෙ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මොකක්ද මේකෙ තියෙන සුවිශේෂිකම කියලා ඔබ අහවි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වැටෙන තැනක් නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නෙ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හන්දා හත්මාලේ ඇල්ල කියලා මේකට කියනවා කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක්. නාන්න බලාගෙන යන්න එපා. ටිකක් භයානකයි.


සිංහරාජ වන රක්ෂිතය
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින වර්ග මීටර් 88.64 km ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම්කොට ඇත.ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
ගැටබරු දේවාලය
රුහුණේ 'පුංචි කතරගම' යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනෙකු දකුණු පළාතේ නොමැති තරම්ය. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැටගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගැනීම මේ ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය සිරිතකි.
