හත්මලේ ඇල්ල

හත්මලේ ඇල්ල මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටා ඇත. එහි උස මීටර් 45 ක් සහ පළල මීටර් 10 කි. දිය ඇල්ල ``සත්මල ඇල්ල`` ලෙසද හැඳින්වේ, එහි තේරුම ``කොටස් හතක් වැටේ`` යන්නයි. හත්මලේ ඇල්ල ඇල්ලේ උල්පත දෙනියාය ගෝනගල කන්දයි. ගිංගඟ ගඟට ජලය ගලා යයි.
ඉතාමත් අලංකාරම සහ සුවිශේෂීම භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නෙ දෙනියාය නගරයෙ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මොකක්ද මේකෙ තියෙන සුවිශේෂිකම කියලා ඔබ අහවි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වැටෙන තැනක් නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නෙ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හන්දා හත්මාලේ ඇල්ල කියලා මේකට කියනවා කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක්. නාන්න බලාගෙන යන්න එපා. ටිකක් භයානකයි.

පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා.මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොල ආදී නගර කිහිපයක් පහු කරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස – දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් බෑවුම් නිතරම වගේ දකින්න පුළුවන්. කොටපොල නම හැඳුන හැටි කොටු + පොල = කොටපොල 19 වන සියවස අගභාගයේ මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ උඩුවක හෝ උඩුවක මතුගොබේ යනුවෙනි. උඩු යන්න ඉහළ හෙවත් උඅඩ යන්න යොදා ඇති බවද, වක යන්න ගම හෝ ප්‍රදේශය යනුවෙන් හඳුන්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමයන්හි සඳහන් වේ. ඒ අනුව උඩුවක යනු ඉහළගමයි. අදත් උඩුව

ගාල්ලේ සිට ගාල්ල-දෙණියාය-මාදම්පේ පාරේ ගොස් අකුරැස්ස, පිටබැද්දර, මොරවක, කොටපොල පසුකර දෙනියාය දක්වා යන්න. දෙනියාය – පල්ලේගම මාර්ගය ඔස්සේ ගමන් කර හත්මලේ ඇල්ල පාරට හැරී හත්මලේ ඇල්ල වෙත ළඟා විය යුතුය.