ලේකම්තුමියගේ පණිවිඩය

මේ සෑම ක්‍රියාදාමයන් පිටුපස සිට මා හට ශක්තිය ධෛර්‍යය ලබාදුන්,මඟපෙන්වීම් ලබාදුන් පළාත් පාලන ආයතන නගා සිටුවීම සඳහා රාජ්‍ය-පෞද්ගලික යන සියලුම අංශයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකතුමන්ලා, නිලධාරීතුමන්ලා දක්වන ලද සහයෝගය, මඟ පෙන්වීම සඳහා මාගේ ගෞරව පූර්වක ස්තුතිය ප්‍රණාමය පුදකර සිටින අතර එම ක්‍රියාවන් මා ඉතාමත් අගය කොට සළකමි. මෙම සෑම කාර්යයක් සඳහාම නිරන්තරව මඟ පෙන්වීම ලබාදුන් ප්‍රධාන ලේකම්තුමා, දිසා ලේකම්තුමා, පළාත් පාලන කොමසාරිස්තුමා, පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා, විගණන අධිකාරීතුමන් ඇතුළු ඒ ආයතන නියෝජනය කරන සියලුම කාර්යය මණ්ඩලයට මෙන්ම මෙම බල ප්‍රදේශයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලුම ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලය සඳහා ද මාගේ ගෞරවනීය ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.
එසේම 2024 වර්ෂය සඳහා ද මාගේ බල ප්‍රදේශයේ දත්ත පදනම් කර ගනිමින් සෑම අංශයක්ම ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු සිදු කිරීම හා සමාජ සුභසාධන සේවා කටයුතු දියත් කිරීමට අපේක්ෂා කරමි. මෙහිදී දරුවන්, කාන්තාවන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, අවතැන් වූවන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙන්ම බල ප්‍රදේශයේ සිටින සියලුම ජනතාව මෙමඟින් ආවරණය කරමින් මහජන සනීපාරක්ෂාව උදෙසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, බෝවන රෝග වැළැක්වීම, පොදු හා පෞද්ගලික වැසිකිළි පහසුකම් සැපයීම, ආහාර සනීපාරක්ෂාව යන අංශයන් හා ගෙවතු වගා වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, සභාවේ වත්කම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමටත්, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම හා සභාව සතු මානව සම්පත වඩාත් ඵලදායී කාර්යයන්හි යෙදවීම තුළින් මහජන සේවා වඩාත් විනිවිද භාවයෙන් සිදු කිරීම සඳහා මා අපේක්ෂා කරමි. දීර්ඝකාලීන සංවර්ධන සැලැස්ම, මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම හා තිරසාර සංවර්ධන ඉලක්ක නිවැරදිව හඳුනා ගනිමින් සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි එම ඉලක්ක හඹා යමින් මාගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සෑම අංශයක්ම සංවර්ධනය කිරීම සඳහා කොටපොල ප්‍රාදේශීය සභාවට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. එසේම 2023 වසරේ මෙම අභියෝග සියල්ල ජය ගැනීම සඳහා මා හට විශාල සහයෝගයක් ලබා දුන් ආයුර්වේද වෛද්‍යතුමන් ප්‍රමුඛ මාගේ සියලුම කාර්‍ය මණ්ඩලයට ගෞරව පූර්ව ස්තූතිය පුදකරන අතර 2024 වර්ෂය සඳහා ද මා එම සහයෝගය නොමඳව ම අපේක්ෂා කරමි.
එන්.එම්. දහනායක
ලේකම්,
කොටපොල ප්‍රාදේශිය සභාව