කොටපොල ප්‍රාදේශීය සභාව සතු දේපළ කුලියට දීම ගැනීම

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ කොටපොල ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් දේපළ වාර්ෂික බදු කුලී පදනම මත බදු දෙනු ලැබේ.
  • දෙනියාය පොලීසිය ඉදිරිපිට අංක 01 මාළු ලෑල්ල
  • දෙනියාය පොලීසිය ඉදිරිපිට අංක 02 මාළු ලෑල්ල
  • කොටපොල ජාතික පාසල ඉදිරිපිට මාළු ලෑල්ල
  • දෙනියාය ෆැට්නා බුරුස්ගල ව්‍යාපෘතිය
  • දෙනියාය බස් නැවතුම්පල අසල පොදු වැසිකිළිය
  • වරල්ල ආදාහනාගාර භූමියේ පොල් ඵලදාව නෙළීම

ඉහත සඳහන් සියලු දේපළ වාර්ෂිකව ටෙන්ඩර් මඟින් ලබා දෙනු ලබයි.

  1. අවම ලංසුව ඉක්මවා වැඩිම ලංසුව ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුට ටෙන්ඩර් කමිටුවේ තීරණය මත ටෙන්ඩරය ලබා දෙනු ලබයි.
  2. ඉන්පසු තෙමස් ඇප මුදල් තැන්පත් කර ගිවිසුම්ගත විය යුතුය.
  3. සභාව විසින් නියම කරනු ලබන කොන්දේසිවලට යටත්ව අදාළ දේපළ බදු ගැනීමට බදුකරු එකඟ විය යුතු අතර ගිවිසුමෙහි සඳහන් දිනට බදු කුලී මාසිකව ගෙවිය යුතු අතර නොමැති වුවහොත් බදු කුලියට අමතරව ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබයි.
  4. ගිවිසුම කඩ කරනු ලබන ඕනෑම අවස්ථාවක අදාළ දේපළෙහි අයිතිය සභාව වෙත පවරා ගැනීමට 1979 අංක 07 දරණ රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ හිමිකම් ඇත