කොටපොල ප්‍රාදේශීය සභාව

කඩ කාමර සංකීර්ණ

  • දෙනියාය බස් නැවතුම්පොළ ඉදිරිපිට කඩ කාමර – 21
  • දෙනියාය නව සතිපොළ භූමියෙහි පහළ මහළෙහි කඩ කාමර – 8
  • කොටපොල ජාතික පාසල ඉදිරිපිට කඩ කාමර – 7
  • කොටපොල බස් නැවතුම්පොළ භූමිය ඉදිරිපිට කඩ කාමර – 8
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9(3) උප වගන්තිය යටතේ සභාපති/ ලේකම් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කඩ කාමර බදු පදනම මත ලබා දී ඇත.
  • මෙම කඩ කාමරවල බදු කුලී මාසිකව ගෙවිය යුතු අතර සෑම මසකම 20 වැනි දිනට පෙර බදු කුලී ගෙවිය යුතු බව ගිවිසුමෙහි දක්ව‌ා ඇති අතර එදිනෙන් පසුව ගෙවනු ලබන බදු කුලී සඳහා 10%ක ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලැබේ.
  • සෑම වසර තුනකට වරක්ම බදු ගිවිසුම අලුත් කළ යුතු අතර තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද ගාස්තු අනුව බදු කුලී මුදල එක් එක් කඩ කාමර සඳහා අය කරනු ලබයි.
  • සෑම බදු හිමියෙක් විසින්ම ගිවිසුම්ගත වීමේ දී තෙමස් ඇප මුදලක් තැන්පත් කළ යුතුය.
  • කඩ කාමර පැවරීමක දී දපපා/ පපාකො/ 2010/01 දරන චක්‍ර‌ෙල්ඛනය අනුව කටයුතු කරනු ලැබේ.