සුභ සාධක සේවා

ප්‍රාදේශිය සභාවක් පළාත් පාලන ආයතනයක් සේ ක්‍රියාකරන්නේ ජනතාවගේ සුඛවිහරණය හා සුභ සාධනයට අවශ්‍ය පරිදි සේවා සම්පාදනය කිරීම සහ එම සේවාවන් මනා ලෙස පාලනය සැලසුම් කිරීම මඟින් මෙන්ම සාම්ප්‍රදායික පළාත් පාලන හා සේවාවලට අමතරව ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කොට ලබා දීම හා සේවා සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.

පෙර පාසල් පවත්වාගෙන යාම සහ ප්‍රදේශයේ පවතින පෙර පාසල් පාලනය,පරිපාලනය අධීක්ෂණය හා සංවර්ධනය තුළින් දරුවන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය ඇති කිරීමත්, එම පෙර පාසල් දරුවන්ගේ ශාරීරික, මානසික සංවර්ධනය හිතකර ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම හා පෙර පාසල් නගා සිටුවීමට අවශ්‍ය භෞතික යටිතල පහසුකම් සැපයීම හා දිරිගැන්වීම් කටයුතු සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කරයි.

පුස්තකාල සේවා පවත්වා ගනිමින් හා පුස්තකාල මනාව කළමණාකරනය කරගනිමින් ද ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය තොරතුරු හා දැනුම බෙදා හැරීම උදෙසා පුස්තකාල සේවා පවත්වාගෙන යාම මෙහි අරමුණයි.මනා පරිසරයක පුස්තකාල පිහිටුවා ගනිමින් ශ්‍රී ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේ හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගනිමින් පුස්තකාල සංවර්ධන සැලැස්මක් පිලියෙල කොට ඒ අනුව පුස්තකාල පවත්වා ගැනීම, පොත් වර්ගීකරණයට අනුකූලව (ඩිවි දශම ක්‍රමය යටතේ) පුස්තකාල කළමණාකරනය කිරීම, දැව භාණ්ඩ, ප්‍රදර්ශන භාණ්ඩ, චිත්‍ර රූප සටහන් හා අනෙකුත් උපකරණ මනාව සංවිධානය කර ගනිමින් ප්‍රදේශයේ පොදු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.

ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වා ගැනීම මඟින් ප්‍රදේශයේ ජනතාවට ආයුර්වේද ප්‍රතිකාර පිරිනමන මධ්‍යස්ථානයක් පවත්වා ගැනීමත්, ආයුර්වේද වෛද්‍ය සේවාව තුළින් රෝග සුවපත් කිරීමට කටයුතු කිරීම තුළින් ජනතාවගේ ප්‍රසාදය හා කැමැත්ත ලබා ගනිමින් ඔවුන්ගේ සුඛ විහරණය ලඟා කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ආදාහනාගාර සේවා ක්‍රියාත්මක කිරීම තුළින් බල ප්‍රදේශයේ ජනයාට අවශ්‍ය සේවා සැපයීමත්, සුසාන භූමි පවත්වා ගනිමින් අතිරේක පහසුකම් සැපයීම මෙමඟින් අපේක්ෂා කරයි.

ක්‍රීඩා භූමි පවත්වාගෙන යාම තුළින් හා නඩත්තු කිරීම තුළින් ජනයාගේ ක්‍රීඩා කටයුතු හා පොදු උත්සව, ප්‍රජා උත්සව කටයුතු පැවැත්වීමට අවශ්‍ය ඉඩ පහසුකම් සැලැස්වීමට අපේක්ෂා කරයි.

ප්‍රාදේශිය සභා පනතේ 19 වන වගන්තියේ සඳහන් පහත දැක්වෙන සේවාවන් සඳහා ද අවධානය යොමු කරයි

01. මාතෘ දාරක සුභසාධනය, වින්නඹු මාතාවන් පුහුණුව, ආපදාවලදී පිහිට වීම

02. කෘෂිකර්මාන්ත හා ගෘහාශ්‍රිත සතුන් බෝ කිරීම

03. දහම් පාසල්, ශාසනාරක්ෂක මණ්ඩල හා කලාකරුවන්ට ආධාර කිරීම හා සංස්කෘතික සංවර්ධනය

04. රැකියා වැඩ පිළිවෙල සංවිධානය

05. ගැමි කාන්තා සංවර්ධන කටයුතු නගාලීම

පුස්තකාල සේවා

දැක්ම

“සාරධර්ම පිරි ගුණගරුක සමාජයක් උදෙසා කියවීම ප්‍රගුණ කිරීම”

මෙහෙවර

“පාඨකයන්ගේ දැනුම කුසලතා වර්ධනය හා නිර්මාණශීලීත්වය වැඩිදියුණු කර විශ්වගම්මානයක් කරා රැගෙන යාමට පොත පතින් දැනුමින් පිරිපුන් පාඨක සමාජයක් බිහි කිරීමට කැපවීම අපගේ මෙහෙවරයි.”