Online Payment

2025 නව වසරේ සිට සියලුම ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇත.

ආදාහනාගාර සේවා - කොටපොල ප්‍රාදේශීය සභාව

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත හා කොටපොල ප්‍රාදේශීය සභාව විසින් සම්මත කළ සම්මත අතුරු ව්‍යවස්ථා උපයෝගී කරගනිමින් මෘත ශරීර ආදාහනය හා සුසාන භූමිවල මිහිදන් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

කොටපොල ප්‍රාදේශීය සභාව මගින් ආදාහනාගාර සේවා සැපයීම සඳහා ක්‍රියා කළයුතු පිළිවෙල පහත පරිදි වේ

1. ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබාදෙනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර මරණය සහතික කරනු ලබන ලේඛනයේ පිටපතක් සමඟ අමුණා ඉදිරිපත් කළ යුතුය

2. දේහයක් ආදාහනය කිරීමට ආදාහනාගාරය වෙන්කර ගැනීම සඳහා පහත සඳහන් ලේඛනවලින් එකක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී ඒ ඒ ලේඛනවල අදාළ ස්ථානයේ“කොටපොල ප්‍රාදේශීය සභාවේ වරල්ල ආදාහනාගාරය” යන්න සඳහන් කර තිබිය යුතුය.

  • B18 – මරණ පරීක්ෂක තැනගේ සහතිකය(39(1) සහ 41(1)(උ)වගන්තිය)
  • .B16 – මරණ දැන්වීමෙන් සහතිකය (41(1) (ආ) වගන්තිය )
  • B20 – මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • B12 – මරණයට හේතුව දැක්වෙන වෛද්‍ය සහතිකය
  • B19 – වතු අධිකාරීවරයාගේ සහතිකය
  • B17 – මරණය පිළිබඳව පොලිස් නිලධාරී/ ග්‍රාම නිලධාරී සහතිකය

3. සම්පූර්ණ කළ අයදුම්පත්‍රය අනුව අදාළ ගාස්තු ගෙවා නියමිත වේලාව වෙන් කරගත යුතුය.

ආදාහනාගාරය වෙන් කරවා ගත හැකි වෙලාවන් වන්නේ

  1. ප.ව 02.00
  2. ප.ව 04.00
  3. ප.ව 06.00 යන වේලාවන්ය.

තවද දේහයක් ආදාහනය කිරීම සඳහා ගාස්තු අයකිරීම් පහත පරිදි වේ.

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචිව සිටි අයෙකුගේ මෘත දේහයක් – රු:10000.00
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචිව සිටි අයෙකුගේ මෘත දේහයක් – රු:12000.00
  • මීට අමතරව, 2023.12.06 දින කොටපොල ප්‍රාදේශීය සභාවේ පැවති 14 අංක දරන
  • කළමනාකරණ කමිටු තීරණය අනුව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචිව සිටි අඩු ආදායම්ලාභියෙකුගේ මෘත දේහයක් – රු:7000.00 (අඩු ආදායම්ලාභියෙකු වශයෙන් සලකනු ලබනුයේ සමෘද්ධිලාභී හෝ අස්වැසුම හිමි පවුල්වල සාමාජිකයන් වේ. )

සැලකිය යුතු:

මරණකරු අඩු ආදායම්ලාභියෙකු(සමෘද්ධිලාභී හෝ අස්වැසුම හිමි පවුල්වල සාමාජිකයන්) බව තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරි මගින් අඩු ආදායම්ලාභියෙකු ලෙස සහතික කරන ලද ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

වැඩිහිටි නිවාසවල නේවාසිකව සිටි අයෙකුගේ මෘත දේහයන් ආදාහනය කිරීමේදී ගාස්තු අය කිරීමකින් තොරව ආදාහනය කිරීමට ද 2023.12.06 දින කොටපොල ප්‍රාදේශීය සභාවේ පැවති 14 අංක දරන කළමනාකරණ කමිටුව විසින් තීරණය කර ඇත. (පළාත් පාලන දෙපාර්තමේන්තුව-දකුණු පළාත 2023.05.22 දින 4/04/10 අංක දරණ ලිපිය අනුව)

 

4. එසේ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සහ ලේඛනවල නිවැරදිතාවය තහවුරු කර ගැනීමෙන් පසු ලේකම්ගේ/සභාපතිගේ අනුමැතිය අනුව ආදාහන බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

5. ආදාහන බලපත්‍රය ඉදිරිපත් කළ පසුව, අදහනාගාරයේ දී ආදාහනාගාර ක්‍රියාකරු විසින් මෘත දේහ ආදාහනය කරනු ලබයි.

සැලකිය යුතු:

නියමිත වේලාවටම මෘත දේහ ආදාහනාගාරය වෙත රැගෙන යා යුතුය

ගල්දොළ,වරල්ල ආදාහනාගාරයේ දී ආදාහනයක් සිදු කරවා ගැනීමට පැමිණෙන ඔබ,

 

 

  • මරණ ලියාපදිංචි කිරීමේ සහතිකය (ලි:ප:බී: 2 වාර්තාව) අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය.
  • මරණ සහතිකය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක දී,
  • රෝහලක සිදු වූ මරණයක් නම්, මරණ දැන්වීමේ සහතිකය (ලි:ප:බී: 16 වාර්තාව) මගින් හෝ
  • නිවසේ දී සිදු වූ මරණයක් නම්, ග්‍රාම නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන මරණ වාර්තාව (ලි:ප:බී: 24 වාර්තාව) මගින් හෝ ආදාහනාගාරය වෙන්කරවා ගැනීම පමණක් සිදුකළ හැකිය.

ඉහත වාර්තාවන්හි, “ ආදාහනය – වරල්ල/ ගල්දොළ ආදාහනාගාරයේ දී ” යන්න ලියා තිබීම අනිවාර්යය වේ.