ගරු සභාපතිතුමාගේ පණිවිඩය

පළාත් පාලන ආයතනයන්හි වෙබ් අඩවි අතරට කොටපොල ප්‍රාදේශීය සභාවට ද එක්වීමට හැකි වීම අප ලද භාග්‍යයක් වන අතර ඒ සඳහා පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
“ඉසුරුමත් සජීවී පුරවරයක්“ යන්න තේමාව කරගත් කොටපොල ප්‍රාදේශීය සභාව විසින් බල ප්‍රදේශයේ ජනතාව සඳහා අවශ්‍ය කරන තරුණ පරපුර සවිබල ගැන්වීම, මහජන සෞඛය සේවා සැපයීම, පොදු උපයෝගීතා සේවා සැපයීම, පොදු මංමාවත් නඩත්තුව යනාදී ජනතාවගේ සුඛවිහරණයට පහසුවට හා සුභසාධනයට අදාළ සියළු පහසුකම් ආරක්ෂා කිරිම හා ප්‍රවර්ධනය කිරිමත් , ඊට අදාල සියළු කටයුතු විධිමත් කිරිම හා පරිපාලනය කිරිම මාගේ ප්‍රධාන අරමුණයි.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාව වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ජය ගනිමින් ජනතාව වෙනුවෙන් මහඟු සේවාවක් දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරමි. කොටපොල ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය නායකත්වය දෙමින් ඔබේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමි. ඔබට මෙවැනි ඩිජිටල්කරණය පදනම් කරගත් සේවාවන්හි විෂය පථය තව දුරටත් පුළුල් කිරීමට ද කටයුතු කරමි.
මෙම සේවාවන් ඉටුකිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ඔබ විසින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර කොටපොල ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි.
තව ද ඔබගේ වටිනා අදහස් හා යෝජනා කොටපොල ප්‍රාදේශීය සභා නිල වෙබ් පිටුව වෙත සාදරයෙන් පිලිගනිමි.
ස්තූතියි
සභාපති
චමින්ද වික්‍රමසිංහ ගුණසේකර
කොටපොල ප්‍රාදේශීය සභාව