භෞතික සැලසුම්, මංමාවත්,ඉඩම් හා ගොඩනැගිලි.

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ භෞතික සංවර්ධනය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම, පාලනය හා පරිපාලන කටයුතු ඉටු කිරීම,තාක්ෂණික උපදෙස් සඳහා නාගරික සංවර්ධන නීතිය යටතේ ප්‍රකාශිත ප්‍රදේශවල එම අධිකාරියේ සහයත් සෙසු ප්‍රදේශ සඳහා ගෘහ හා නගර සංවර්ධන ආඥාපනතේ සඳහන් නීති අනුව ද කටයුතු කරනු ලබයි.
  1. පෞද්ගලික ඉදිකිරීම් පාලනය එනම්, විධිමත් නිවාස අයදුම්පත්‍ර අනුමත කොට එය ඉදිකර අවසානයේ අනුකූලතා සහතික නිකුත් කිරීම දක්වා සමාලෝචනය කරන කාර්යයයි.
  2. භෞතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සඳහා සංවර්ධන සැලසුම් සම්පාදනය කරමින්,ආයතන රාශියක සම්බන්ධතාවය ලබාගෙන එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින්, අවශ්‍ය සිතියම්, ප්‍රගති වාර්තා පවත්වාගෙන ත්‍රෛමාසිකව ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීම, කෙටුම්පත් යෝජනා කඩිනම් කර ගැනීමටත්, ඵලදායී ලෙස සම්පත් ආයෝජනයට පෙළඔවීමක් මෙහිදී සිදු වේ.
  3. අනවසර ඉදිකිරීම් එනම්, ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අනවසර ඉදිකිරීම් නතර කිරීමට, අනුමැතියකින් තොරව ගොඩනැඟිලි ඉදිකිරීම පාලනය කිරීම, නියාමානුකූල කළ හැකි ගොඩනැගිලි , නියමානුකූල කිරීමත්, එසේ නොවන ඒවා මහාමාර්ග පනත හෝ ප්‍රාදේශිය සභා පනත හෝ නගර ග්‍රාම නිර්මාණ පනත යටතේ හෝ පවත්නා විධි විධාන අනුව ක්‍රියාකොට ඉවත් කිරීමත් මෙමඟින් සිදු වේ.
  4. ඉඩම් වෙන්දේසිකරුවන් පාලනය හා ඉඩම් කට්ටිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පෞද්ගලික වෙන්දේසිකරුවන් හා බ්‍රෝකර් සමාගම් සිදු කරන අවිධිමත් ඉඩම් වෙන්දේසි කිරීම් අවම කිරීම,එම ඉඩම් මිලදී ගන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හා ප්‍රජා පහසුකම් ලබාගත හැකිවන පරිදි අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙමඟින් සිදු කරයි.
  5. මංමාවත් ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සහ ප්‍රාදේශිය සභා පාරවල් ඉදි කිරීම වැඩි දියුණු කිරීම හා විධිමත් පරිදි නඩත්තු කර පවත්වාගෙන යාම, මාර්ග ලේඛනය යාවත්කාලීන කොට පාරවල් මායිම් ගල් දමා ලකුණු කොට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම හා මාර්ග දෙපස කාණු නඩත්තුව, බෝක්කු පාලම් ඉදිරිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ද මෙහිදී සිදු වේ.
  6. ප්‍රාදේශිය සභාව විසින් ඉටුකළ යුතු විවිධ ඉදි කිරීම් හා නඩත්තු කාර්යයන් මනාව පවත්වාගෙන යාම ,නඩත්තු ඒකක විධිමත් පරිදි පවත්වාගෙන යාම හා නියමිත ලිපි ලේඛන හා මිනුම් පොත් පවත්වා ගනිමින් දැඩි අධීක්ෂණයක් මඟින් පවත්වා ගැනීම මෙම වැඩසටහනින් සිදු කරනු ලබයි.
  7. එමෙන්න භෞතික සංවර්ධන සැලැස්මට අනුව සභා බල ප්‍රදේශය සතු පාරවල්, ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩා භූමි,සුසාන භූමි,පොදු ළිං ආදිය පිළිබඳව පරිමානයකට අදින ලද සිතියමක දැක්වීම හා යාවත්කාලීන කරමින් පවත්වාගැනීමද, සභා පනතේ 42 වන වගන්තිය යටතේ සභාව සතු පාරවල් මැන දිග පළල ලකුණු වන සේ ගැසට් මඟින් ප්‍රකාශ කළ පරිදි මාර්ග වට්ටෝරුවක් සකස් කිරීම හා පවත්වා ගෙන යාම මෙමඟින් සිදු කරයි.