
කොටපොල ප්‍රාදේශීය සභාව
මහජන සෞඛ්‍ය සේවා
ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමකි. ප්‍රාදේශීය සභා පනතේ 78 වන වගන්තිය අනුව “මහජන සෞඛ්‍ය ප්‍රරෝහනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ කාර්යන් සඳහා වූ පොදු පාලන අධිකාරිය ලෙස ප්‍රාදේශිය සභාව හදුන්වා දී ඇත. ප්‍රතිකාර සෞඛ්‍ය, රෝග නිවාරණ,සෞඛ්‍ය ලෙස සෞඛ්‍ය සේවාවේ අංශ දෙකක් පවතී.මහජන සෞඛ්‍ය යටතේ රෝග වැළැක්වීමට අදාළ උපායමාර්ග ක්‍රියාවට නැගිය යුත්තේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අදාළ ප්‍රාදේශිය සභාව විසිනි.
මෙම වගකීම් ඉටු කිරීම සඳහා
- ප්‍රාදේශිය සභා පනත
- පීඩා පිළිබඳ ආඥා පනත
- නිවාස හා නගර සංවර්ධන ආඥා පනත
- වෙනත් ලිඛිත නීතිවලින් සභාවට බලය පැවරේ
එමෙන්ම අතුරු ව්‍යවස්ථා මඟින් විශේෂ බලයන් සභාවට ලැබෙන අතර ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශිය සභා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්රමුඛ කාර්ය මණ්ඩලයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්ගේ සහය ලබා ගනිමින් ද, ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් පිළියෙල කරන සම්බන්ධීකරණ ක්‍රියාදාමයක් මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා යොදා ගනී.රෝග නිවාරණ සෞඛ්‍යයට සම්බන්ධ බෝවෙන රෝග පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගන්නා පියවරවලට සහය දැක්වීම සිදු කරනු ලැබේ.මහජන සෞඛ්‍ය වගකීම් ප්‍රාදේශිය සභා පනතේ 78-107 වගන්තිය මඟින් විස්තර වේ. ඒ අනුව පහත කාර්යන් ඉටු කිරීම සිදු කරනු ලබයි.
- ජලාපවහනය : සභා බල ප්‍රදේශය තුළ ජල පීඩාවන් නොවන අයුරින් ජලාපවහනය පවත්වා ගැනීම සඳහා පීලි බෝක්කු, පොදු කාණු ජල මාර්ග පවත්වාගෙන යාම, අවහිර කරන අයට විරුද්ධව ක්‍රියා කිරීම, වැසි ජලය බැස යාම වළක්වන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදී වූ කටයුතු සඳහන් කළ හැකිය.
- වැසිකිළි පහසුකම් : පොදු හා පෞද්ගලික වැසිකිළි පවත්වාගෙන යාමේදී මහජන සෞඛ්‍යයට හානි නොවන අයුරින් එය ඉටු කිරීමට නියම කිරීම,අවශ්‍ය විටෙක වැසිකිළි වසා දැමීම,පොදු වැසිකිළි පද්ධති අලුතින් ඉදිකිරීම,පවත්නා වැසිකිළි පද්ධතිය නඩත්තු කර පවත්වාගෙන යාම මෙමඟින් සිදුකරනු ලබයි.
- මළාපවාහනය හා කසළ ශෝධනය : ප්‍රාදේශිය සභා පනතේ 94 වගන්තියේ පරිදි එකතු තරනු ලබන වීදිවල තිබෙන සියලුම කසළ, නිවාසවල තිබෙන කසල,මළ හෝ ඊට සමාන වෙනස් දුව්‍ය සභාවේ දේපළක් වියයුතු අතර ඒ ඝණ ද්‍රව්‍ය විකිණිම සඳහා හෝ බැහැර කිරීම සඳහා ඇති බලය අනුව කැලිකසළ විධිමත්ව එකතු කිරීම හා බල ප්‍රදේශය පිරිසිදුව පවත්වා ගැනීමත්, කසළ කළමණාකරන ව්‍යාපෘතිය මඟින් කසළ වර්ගීකරණය කර කොම්පෝස්ට් පොහොර නිපදවා අලෙවි කිරීමත්,කසළ විධිමත් පරිදි බැහැර කිරීම සිදු කරනු ලැබේ.
- පීඩා වැළැක්වීම : ප්‍රාදේශිය සභා පනතේ 100-106 වගන්තිය අනුව ජලය බැස යාමට සැලැස්වීම, පෞද්ගලික ඝෝ ඝාතක ස්ථාන පාලනය, පොදු නාන ස්ථාන අයතා පරිහරනය වැළැක්වීම, ජලය අපවිත්‍ර වීම වැළැක්වීම, කර්මාන්ත ශාලාවලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම,අයාලේ යන ගවයන්,බල්ලන් නිසා සිදුවන පීඩා වැළැක්වීමට පියවර ගැනීම මෙමඟින් සිදු කිරීමට අපේක්ෂා කරයි.
- සෞඛ්‍යයට අහිතකර ගොඩනැගිලි පාලනය : මේ සඳහා ඇති නීතිමය බලතල අනුව සෞඛ්‍යයට අහිතකර ගොඩනැගිලි කලින් කලට පරීක්ෂා කර අඩුපාඩු සකස් කිරීමට නියම කිරීම, ගොඩනැගිලිවල නඩත්තුව ගැන පියවර ගැනීම ආදි දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙමඟින් සිදු කරයි.
- පරිසරය සුරැකීම හා පරිසර දූෂණය අවම කිරීම : මනා පරිසරයක් ගොඩනගා ගැනීම තුළින් සුවදායක පරිසර පහසුකම් සලසා ගැනීම සඳහා පරිසරය අපවිත්‍ර වන හේතූන් හදුනා ගනිමින් ඒවා මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් , සෞඛ්‍ය හා පරිසර අධිකාරියේ නිළධාරීන්ගේ සහය ලබා ගනිමින් පාරිසරික ප්‍රශ්න විසදීම සඳහා ස්වාභාවික පරිසරයේ පවත්නා සම්පත් විනාශ නොවී රැක ගැනීම හා නිර්මිත පරිසරයට අදාළ අංශයන් විසින් සිදුකෙරෙන නිර්මාණ නිසා සිදුවන පාරිසරික අහිතකර තත්වයන් පාලනය කිරීම මඟින් ධරණිය සංවර්ධනයක් ලඟාකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටඅපේක්ෂා කරමි.