කොටපොල ප්‍රාදේශීය සභාව

2024 වර්ෂය සඳහා ව්‍යාපාර බද්ද පැනවීම

කොටපොල ප්‍රාදේශීය සභාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මස 28 වන දින, කොටපොල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දී තීරණය කරන ලද තීරණ අංක 2023/08/28/95 යටතේ සහ 1946 අංක 12 දරන විනෝද බදු ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව,

(අ) (1) වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව, කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් ව්‍යාපාරයක් (මෙහි පහත උපලේඛනයේ 02 හි නිරූපිත) 2024 වර්ෂයේ දී පවත්වාගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම එකී ව්‍යාපාරයේ 2023 වර්ෂයේ ආදායම (උපලේඛනයේ 01 හි 1 තීරුවේ නිරූපිත යම් සීමාවක් ඇතුළත පවත්නා අවස්ථාවක II වන තීරුවේ අනුරූප සටහනේ නිරූපිත අනු ප්‍රමාණය) අනුව ව්‍යාපාර බද්ද ගෙවිය යුතු අතර

(ආ) 03 වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, බද්දට යටත් සෑම තැනැත්තෙකු විසින් යථෝක්ත බද්ද 2024 වර්ෂයේ ජුනි මස 30 වැනි දිනට පෙර ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.

උපලේඛනය – අංක 01

අනු අංකය වර්ෂය සඳහා වූ ව්‍යාපාරයේ ස්වභාවය ගෙවිය යුතු බද්ද
01. 2023 වර්ෂයේ ආදායම රු. 6,000 නොඉක්මවන අවස්ථාවක කිසිවක් නොමැත
02. රු. 6,000 ට වැඩි අවස්ථාවල රු. 12,000 දක්වා රු.90.00
03. රු. 12,000 ට වැඩි අවස්ථාවල රු. 18,750 දක්වා රු.180.00
04. රු. 18,750 ට වැඩි අවස්ථාවල රු. 75,000 දක්වා රු.360.00
05. රු. 75,000 ට වැඩි අවස්ථාවල රු. 150,000 දක්වා රු.1200.00
06. රු. 150,000ට වැඩි අවස්ථාවල රු.3000.00

උපලේඛනය – අංක 02

01. ගඩොල් විකිණීම සඳහා ගබඩා කිරීම
02. උළු විකිණීම සඳහා ගබඩා කිරීම
03. දර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
04. විකිණීම සඳහා හුණු/ හුණු ගල් ගබඩා කිරීම
05. විකිණීම සඳහා පත්තර කඩදාසි ගබඩා කිරීම
06. සත්ත්ව ආහාර ටොන් 01 ට වැඩියෙන් ගබඩා කිරීම
07. සිමෙන්ති විකිණීම සඳහා ගබඩා කිරීම
08. ගෘහ භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක්
09. විකිණීම සඳහා තේ කොළ හොන්ඩර 03 ට වඩා ගබඩා කිරීම
10. පරිගණක හා පරිගණක උපාංග අලෙවිය
11. කොමියුනිකේෂන් එකක් (දුරකථන ඇමතුම් ලබා ගන්නා ස්ථානයක්) පවත්වාගෙන යාම
12. කෙසෙල් කැන් එකතු කිරීමේ/ පුවක් එකතු කිරීමේස්ථානයක් පවත්වාගෙන යාම
13. පූජා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
14. ස්නේහක තෙල් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
15. ශාරීරික ව්‍යායාම කරන ස්ථානයක් පවත්වාගෙන යාම
16. උපදේශන සේවා සපයන ස්ථානයක් පවත්වාගෙන යාම
17. සාප්පු බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
18. විදුලි උපකරණ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
19. ශබ්ධ විකාශන යන්ත්‍ර කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යාම
20. ගුවන් විදුලි/ රූපවාහිනී/ මහන මැෂින්/ බයිසිකල් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
21. රෙදිපිළි වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
22. සම් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
23. ඇලුමිනියම්/ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
24. උත්සව භාණ්ඩ කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යාම
25. මහන මැෂින් නියෝජිත ස්ථානයක් පවත්වාගෙන යාම
26. පොත් සාප්පුවක් පවත්වාගෙන යාම
27. මෝටර් රථ/ මෝටර් බයිසිකල්/ ට්‍රැක්ටර්/ බයිසිකල්, ත්‍රීවිල් රථ අමතර කොටස් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
28. ලිපි ද්‍රව්‍ය වෙළඳසැලක් පවත්වාගෙන යාම
29. වීදුරු හෝ වීදුරු භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
30. ආයුර්වේද බෙහෙත් බඩු අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
31. බටහිර බෙහෙත් බඩු අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
32. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කරන ස්ථානයක් පවත්වාගෙන යාම
33. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන ස්ථානයක් පවත්වාගෙන යාම
34. මැටි භාණ්ඩ වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
35. අවමංගල භාණ්ඩ නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
36. බුලත් වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
37. නිමි ඇඳුම් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
38. මෝටර් බයිසිකල්/ අත් ට්‍රැක්ටර්/ ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
39. ඡායා පිටපත් ගැසීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
40. සෙල්ලම් බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
41. පටිගත කිරීමේ හෝ තැටිගත කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
42. රෙකෝඩ් බාර් එකක් පැවැත්වීම
43. ලොතරැයි අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
44. පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
45. විකිණීම සඳහා පොල් අතු ගබඩා කිරීම
46. අමු තේ දළු එකතු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
47. පුවත්පත් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
48. අනුමැතිය ඇති රේස් ඔට්ටු පොළක් පවත්වාගෙන යාම
49. යකඩ බඩු/ ජල නළ උපකරණ/ පිත්තල උපකරණ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
50. කුරුඳු/ ගම්මිරිස්/ රබර් ආදී දේශීය ද්‍රව්‍ය විකිණීමේ හා මිළට ගැනීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
51. පොල් ලී ඇතුළු ඉරන ලද ලී විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
52. විදුලි උත්පාදන යන්ත්‍ර හෝ විදුලි උපකරණ කුලියට දීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
53. පිඟන් භාණ්ඩ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
54. තොග වශයෙන් භාණ්ඩ විකිණීම සඳහා සිගරැට් ගබඩා කිරීම
55. කොන්ක්‍රීට් හෝ සිමෙන්ති භාණ්ඩ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
56. ප්ලාස්ටික් භාණ්ඩ හෝ නාම පුවරු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
57. ග්‍රොසරියක් පවත්වාගෙන යාම
58. සුරතල් මසුන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
59. විකිණීම සඳහා ටයර් ටියුබ් ගබඩා කිරීම
60. ජංගම දුරකථන විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
61. වෛද්‍යවරුන් චැනල් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
62. දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
63. තීන්ත බඩු අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
64. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
65. මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම
66. පාවහන් වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
67. ස්වර්ණාභරණවෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
68. ගල්, වැලි, ගඩොල් ගබඩා කර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
69. රක්ෂණ සේවා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම
70. වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යාම
71. අරක්කු/ බියර් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
72. පොහොර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
73. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන මුද්‍රණාලයක් පවත්වාගෙන යාම
74. ඇසිඩ් වර්ග විකිණීම හා ගබඩා කිරීම
75. කෘෂි රසායන ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම
76. ගිණිකෙළි භාණ්ඩ විකිණීම හා ගබඩා කිරීම
77. ගෑස් ගබඩා කිරීමේ හෝ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
78. විදුලි සංදේශ සම්ප්‍රේෂණ කුළුණු
79. ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යාම
80. තේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම
81. සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යාම
82. ජ්‍යෝතිෂ්‍ය සේවා සපයන ස්ථානයක් පවත්වාගෙන යාම
83. ගෘහ නිර්මාණ සැලසුම් සකස් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
84. ලී මෝලක් පවත්වාගෙන යාම
85. ගල් මෝලක් පවත්වාගෙන යාම
86. සේවකයින් 25 ට වැඩි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම
87. සිසිල් බීම අලෙවිය
88. ටයර් ටියුබ් අලෙවිය හා ටයර් ටියුබ් මාරු කිරීමේ හා සේවා කිරිමේ ස්ථානයක් පවත්වා ගෙන යාම
89. පිඟන් ගඩොල් සහ නාන කාමර කට්ටල විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
90. ඉදිකිරීම් කටයුතු කරන ආයතනයක් පවත්වාගෙන යාම
91. විසිතුරු භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
92. විසිතුරු ආභරණ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
93. තිර රෙදි, බුමුතුරුණු මැසීම
94. නියෝජිත තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යාම
95. ජංගම දුරකථන අමතර කොටස් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
96. ළමා ඇඳුම් හා උපකරණ අලෙවිකරන ස්ථානයක් පවත්වාගෙන යාම
97. වාහන වලින් පිටවන දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
98. මාර්ග තැනීම සඳහා කොන්ක්‍රීට් ගල් කුට්ටි නිපදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
99. මිරිස්, ලුණු හා වෙනත් නරක්වන සුලුආහාර වර්ග තොග වශයෙන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
100. පානීය ජලය බෝතල් කර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
101. කුළු බඩු, හාල්, සීනි, කිරිපිටි සිල්ලර වශයෙන් විකිණීම
102. කුළු බඩු, හාල්, සීනි, කිරිපිටි තොග වශයෙන් විකිණීම
103. රියදුරු පුහුණු ආයතනයක් පවත්වාගෙන යාම
104. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම
105. විකිණීම සඳහා ආහාර ද්‍රව්‍ය පැකට් කරන ස්ථානයක් පවත්වාගෙන යාම
106. වී මෝලක් පවත්වාගෙන යාම
107. තේ කොළ පැකට් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
108. වෑල්ඩින් වැඩපළක් පවත්වාගෙන යාම
109. සහල්/ මිරිස්/ තුනපහ පිටි කිරීම සඳහා මෝලක් පවත්වාගෙන යාම
110. ශීත කළ මස්/ මාළු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
111. පොල්තෙල් මෝලක් පවත්වාගෙන යාම
112. බ්ලොක් ගල් නිපදවන ස්ථානයක් පවත්වාගෙන යාම
113. වඩු වැඩ සඳහා ලියවන පට්ටලයක් පවත්වාගෙන යාම
114. දත් බඳින, ගලවන ස්ථානයක් පවත්වාගෙන යාම
115. ත්‍රී රෝද රථ/ යතුරු පැදි/ අනෙකුත් වාහන සේවා සපයන (සර්විස් කිරීමේ) ස්ථානයක් පවත්වාගෙන යාම
116. පළතුරු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
117. ශීත කළ ආහාර ද්‍රව්‍ය (යෝගට්, බීම පැකට්, අයිස් ක්‍රීම්) විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
118. එළවළු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
119. සංචාරය කරමින් බේකරි නිෂ්පාදන හා සිල්ලර වශයෙන් විකිණීම
120. බහු කාර්යය යන්ත්‍ර භාවිතා කරන වඩු මඩුවක් පවත්වාගෙන යාම
121. බයිසිකල් අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම
122. මෝටර් බයිසිකල්/ ත්‍රීරෝද රථ/අත් ට්‍රැක්ටර්/පාපැදි හෝ අනෙකුත් වාහන අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම.
123. ටයර් ටයුබ් වොල්කනයිස් කරන ස්ථානයක් පවත්වාගෙන යෑම.
124. ස්වර්ණාභරණ නිපදවන ආයතනයක් පවත්වාගෙන යෑම.
125. ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යාම.
126. ගුවන් විදුලි/රූපවාහිනි/මහන මැෂින්/සියලුම වර්ගයේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම.
127. ඔරලෝසු අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම.
128. සපත්තු, කුඩ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම
129. කුෂන් වැඩපළක් පවත්වාගෙන යාම
130. තුනපහ කුඩු/මිරිස් කුඩු පැකට් කිරීමේ / විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යෑම
131. ග්‍රිල් ගේට්ටු හෝ යකඩ/වානේවලින් විවිධ භාණ්ඩ හා උපකරණ නිපදවන ස්ථානයක් පවත්වාගෙ යාම.
132. රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යාම
133. නාම පුවරු/දැන්වීම් පුවරු/බැනර් සකස් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
134. ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම
135. රන්, රිදී,ලෝහාලේපනය කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම.
136. ශීතකරණ, අධිශීතකරණ හෝ වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම
137. මෝටර් රථ විදුලි කාර්මික ස්ථානයක් පවත්වාගෙන යාම
138. ඇඳුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
139. වානේ ලියවන පට්ටලයක් පවත්වාගෙන යාම
140. වාහන වායු සමීකරණ පද්ධති අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම
141. පෞද්ගලික පෙර පාසල් හෝ දිවා සුරකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
142. ලංකා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමට මාර්ගය දෙපස ගස්/අතු කපා ඉවත් කිරීමේ කටයුතු කරන ආයතනයක් පවත්වාගෙන යාම.
143. ඖෂධීය තෙල් වර්ග නිෂ්පාදනය කිරීම
144. බහාලුම් ප්‍රවාහනය කිරීම
145. පෞද්ගලික විදුලි බලාගාරයක් පවත්වාගෙන යාම
146. රන්, රිදී, ලෝහ හා වෙනත් භාණ්ඩ උකස් ගැනීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
147. කොන්ත්‍රාත් ක්‍රමයට සේවා සපයන ස්ථානයක් පවත්වාගෙන යාම
153. කුලී පදනමට, බදු පනමට වාහන සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම
148. මාර්ගගත ක්‍රමයට ව්‍යාපාර කරන ස්ථානයක් පවත්වාගෙන යාම.
149. කාබනික පොහොර / කාබනික තෙල් වර්ග නිෂ්පාදනය හා අලෙවි කිරීම.
150. විකිණිම සඳහා බිම්මල් වගා කිරීම
151. විසිරි පින්තාරු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම
152. තොරතුරු රැස්කොට වාර්තා සකස් කිරීමේ ( ගිණුම්/ විගනණ/ නීතීඥ) කාර්යාලයක් පවත්වාගෙන යාම.