කොටපොල ප්‍රාදේශීය සභාව
2024 වර්ෂය සඳහා විනෝද බදු පැනවීම
කොටපොල ප්‍රාදේශීය සභාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මස 28 වන දින, කොටපොල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දී තීරණය කරන ලද තීරණ අංක 2023/08/28/95 යටතේ සහ 1946 අංක 12 දරන විනෝද බදු ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව,
- කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන සංදර්ශන, ප්‍රසංග මගින් අලෙවි කරනු ලබන මුළු ප්‍රවේශ පත්‍ර හා සංදර්ශන ටිකට් පත්වල මුළු වටිනාකමින් 10% ක විනෝද බදු මුදලක් කොටපොල ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.
- විනෝද ප්‍රසංගය පැවැත්වීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දින 7කට පෙර ලබා ගත යුතුය.
- විනෝද සැනකෙළිය පැවැත්වීමට පෙර වැඩ කරන දිනයක කාර්යාල වේලාව තුළ අලෙවිකරණ සියලු ටිකට්පත් ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රාව තබා අනුමත කළ යුතුය.
- මීට අමතරව එම මුද්‍රා තබන ටිකට්පත්වල මුහුණත වටිනාකමින් 10%ක් විනෝද බද්දෙන් අඩක් ඇප තැන්පතු වශයෙන් ප්‍රාදේශීය සභාවේ තැන්පත් කළ යුතුය.
