කොටපොල ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කරන වීථි පහන් 1817 ක් මේ වනව්ට බල ප්‍රදේශය පුරා පිහිටුවා ඇත.

නව වීථි පහනක් ස්ථාපිත කර ගැනීමට

වීථි පහන යෙදීමට අවශ්‍ය ස්ථානය හා අවශ්‍යතාවය පැහැදිලි කරමින් ඉල්ලීම කරන අයගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපියක් ප්‍රා‍දේශීය සභාවට යොමු කිරීම මඟින්

දැනටමත් ස්ථාපිත කර ඇති වීථි පහනක් අලුත්වැඩියා කර ගැනීමට

වීථි පහන අක්‍රීය වී ඇති බව දුරකථන ඇමතුමක් හෝ ලිපියක් මඟින් ප්‍රාදේශීය සභාවට දැනුවත් කිරීම මඟින් විදුලි කාර්මික මහතා පැමිණ වීථි පහන යථා තත්වයට පත්කිරීම සිදුකරනු ලැබේ.