පැට්නා

පැට්නා යනු දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ තේ වත්තක් මැද පිහිටි අපූරු ස්ථානයකි. දෙනියාය ප්‍රදේශයේ ජෛව විවිධත්වය සහ සුන්දරත්වය හේතුවෙන් මෙම ප්‍රදේශය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය වී ඇත. ඉතින් පැට්නා කියන්නේ මේ නිසා වතුරේ ලිස්සලා යන්න පුළුවන් තැනක්. බුරුසු ගල් ලෙසද හැඳින්වේ.
දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුළු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින්, ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි. මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොල ආදී නගර කිහිපයක් පහුකරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්.

දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩවෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස – දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් නිතරම වගේ දකින්න තියෙන බෑවුම ගැනත් ඔබ දැනුවත් කළ යුතුමයි.

මෙම ස්ථානයේ දී ගංගාව මෘදු බෑවුම් සහිත පුළුල් පාෂාණ ගණනාවක් හරහා ගලා යන අතර සෑම පර්වතයකම අවසානයේ නොගැඹුරු තටාකයක් පිහිටා ඇත. සිනිඳු පාෂාණ පෘෂ්ඨය මත මෘදු ජල ගලනය හේතුවෙන්, පර්වතය මත ස්වභාවික ජල ස්ලයිඩ ගණනාවක් නිර්මාණය වේ.